ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් ලබා ගත් මනාප ඡන්ද සංඛ්‍යාව ප්‍රකාශයට පත් කිරීමට තවත් පැය දෙකතුනක් යනු ඇතැයි ගම්පහ තේරීම්භාර නිලධාරී ජේ ජේ රත්නසිරි මහතා අද පස්වරු 5.45ට කීවේය.
අත්තනගල්ල ආසනයේ මනාප ගැටළුවක් නිසා නැවත ගණන් කරීම නිසා මනාප ඡන්ද ප්‍රතිඵල දීම ප්‍රමාද වන බවට යන රාවයේ සත්‍යයක් නැතැයි ද රත්නසිරි මහතා පැවසීය.

