ගම්පහ ප්‍රශ්නපත්‍ර කලින් පිටවෙලා
ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේ දෙවෙනි වාර අවසාන විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවී ඇති බවට ලැබී ඇති පැමිණිලි ගැන පරීක්ෂණයක් පවත්වන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවාරච්චි මහතා කියයි.
පාසල්වලට ලැබීමට පෙර මේ ප්‍රශ්නපත්‍ර පිටවී ඇති බවට තොරතරු ඇතැයිද, මේ ගැන අවසන් තීරණය ලබ සඳුදා ගන්නා බවද ඒ මහතා පවසයි.
සිකුරාදාට නියමිත විද්‍යා ප්‍රශ්නපත්‍රයට සමාන ප්‍රශ්නපත්‍රයක් ද ඊට පෙර දින සිසුන් අතර පත්ව ඇතැයි තොරතුරු ලැබී තිබේ.

