ගම්පහ ඩෙංගු නහුතෙට නඟී


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී 2005 වසරේ ඩෙංගු රෝගයෙන් ලේ නැතිව මිය ගිය නිලක්ෂ උදයන්ග සිහිකරමින් වාර්ශිකව පවත්වනු ලබන ලේ දන්දීමේ වැඩසටහනේදී මෙවර සෙබළුන් ඇතුළු 150ක් පමණ ලේ ලබා දුන්හ. විදුහල්පති ලාල් දිසානායක මහතාගේ උපදෙස් පරිදි විද්‍යාලයීය රතුකුරුස කවය වැඩසටහන සංවිධානය කැර තිබිණි. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පළමු මාස හතරේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිශතය සියයට 356කින් වැඩිවී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග පාලන අංශයේ වෛද්‍ය චන්ද්‍රානි සේනාරත්න මහත්මිය පැවසුවාය. ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තාවූයේ මීගමුව ප්‍රදේශයෙන් බවද, මේවන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු මරණ 8ක් වාර්තා වී ඇති බව ද ඇය ප්‍රකාශ කළාය. හමුදා සෙබළෙක් ලේ පරිත්‍යාග කරමින් ලේ ලබා ගැනීමට පෙර රුධිර පීඩනය පරීක්ෂා කරමින්