(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් 16,677 දෙනෙකු මෙතෙක් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගෙන නොමැති බවත් ඔවුන් සොයා ගොස් එන්නත ලබා දෙන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
කොරෝනා වෛරසයෙන් මෙම තැනැත්තන්ගේ ජීවිත රැකගැනීම පිනිස නිරෝධායන ඇදිරි නීතිය පවතින කාලසීමාව තුල මෙම අය වෙනුවෙන් විශේෂ එන්නත්කරණ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කොට සිටියේ ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේදීය.
වයස අවුරුදු 60 ට වැඩි මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයින් - 593 ක්, කටාන කොට්ඨාසයේ - 1443 ක්, දිවුලපිටිය - 2254 ක්, මිනුවන්ගොඩ - 1726 ක්, වත්තල - 780 ක්, ජාඇල - 964 ක්, ගම්පහ - 1164 ක්, අත්තනගල්ල - 2694 ක්, දොම්පෙ - 677 ක්, මහර - 1132 ක්, කැලණිය - 944 ක් සහ බියගම කොට්ඨාසයේ පුද්ගලයින් 871 දෙනෙකු මෙතෙක් එන්නත ලබා ගෙන නොමැති බව තහවුරු වී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
සෞඛ්‍ය හා පොලීසියේ මැදිහත්වීමෙන් එම තැනැත්තන් සොයා එන්නත් ලබාදීමට කටයුතු යොදා ඇති අතර එන්නත් මධ්‍යස්ථාන වෙත පැමිණීමේ හැකියාවක් නොමැති අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට පළාත් පාලන ආයතනයන් මගින් ප්‍රවාහන පහසුකම් සැලසීමටත් එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණීමට අපහසුතාවයෙන් පසුවන්නවුන්ගේ නිවෙස්වලට ගොස් එන්නත් ලබාදීමටත් කටයුතු කෙරෙන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
කොරෝනා රෝග තත්ත්වයෙන් මියයන තැනැත්තන් වැඩි දෙනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා නොගත් අය බව පෙනී ගොස් ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

