(තිලකරත්න දිසානායක)
ඩෙංගු රෝග තත්ත්වයෙන් පෙළෙන කුඩා දරුවන් පවා දෛනිකව ප්‍රතිකාර සඳහා ගම්පහ සහ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල්වලට ඇතුළත් කෙරෙන බැවින් මව්පියන් තම දරුවන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව එම රෝහල් දෙකෙහි ඩෙංගු රෝග ප්‍රතිකාර අංශ භාර ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා දැනුම් දෙයි.
වැඩිහිටි ඩෙංගූ රෝගීන්ද ගම්පහ සහ මීගමුව රෝහල්හි ඉතා අධික බව පවසන ලක්කුමාර් මහතා දිවයින පුරා ඩෙංගූ රෝගීන් 70000 ක් පමණ රෝහල්වල ප්‍රතිකාර ලබන තත්ත්වයක් පවතින බවද පවසයි.
ඩෙංගු කාරක මදුරුවන් උදෑසන 6 පමණ සිට පෙරවරු 9 පමණ වන තෙක් සහ සවස 4 පමණ සිට රාත්‍රි 7 පමණ වන තෙක්ද ගැවසෙමින් දෂ්ඨ කිරීම සිදුවන බැවින් විශේෂයෙන් මෙම කාලයේ තම දරුවන් ආරක්ෂා කර ගැනීමට මව්පියන්ද හා පාසල්වලදී ගුරු භවතුන් ක්‍රියාමාර්ග ගැනීමක් කළ යුතු බවද ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.



