ගමනා ගමන කොමිසමට මැර තර්ජන
බලපත් රහිතව මගීන් ප‍්‍රවාහනය කරන බස්රථ වැටලීම් නතර කරන්නැයි විවිධ කණ්ඩායම් තමාට තර්ජනය කරන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා එසැණට පැවැසීය.
නිර්නාමික හා නාමික දුරකථන ඇමතුම් මගින්ද ලිපි මගින්ද මෙසේ තමාට තර්ජනය කරන බවත් ඒ සම්බන්ධයෙන් ප‍්‍රවාහනය අමාත්‍යවරයා හෙට දැනුම්වත් කොට තම ජීවිතාරක්‍ෂාව සුරක්‍ෂිත කරන්නැයි ඉල්ලා සිටින බවත් ගුණවර්ධන මහතා කීය.

