ගමක් සිතියමෙන් මැකේ
කුරුණෑගල වල්පොල කන්ද ඉහළ ජනපදයේ ගෙවල් 18ක් තුබූ තැනක් වත් සොයා ගැනීමට නැත.
පසුගිය 18 වැනිදා අලුයම එම නිවාස යටකරගෙන වල්පොල කන්ද කටා වැටුනේය. ගල් කැට එක දෙක ගැලවී වැටෙන විට මිනිසුන් ඉවත් වූ නිසා ජීවිත හානියක් සිදු නොවීය.
ඇතැම් ගෙවල් මීටර් සියයක් තරම් දුරට තල්ලු වී ගොස් යටවී තිබේ.
අවතැන් වූවෝ 200ක් පමණ දෙනා වල්පොලකන්ද ආරිය උපෝසතාරාමයේ ලැගුම්ගෙන සිටිති. ඔවුනට ඇත්තේ ඇඳි වත පමණකි.
කන්දට වැසී ගිය එක් ගෙයක වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධිකය.

