ගනේවත්ත නොනවත්වා වේයන්ගොඩට යයි


(යොහාන් භාසුර සහ නිපුන් ගරුක)

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (19) පස්වරුවේ ගනේවත්ත බලා පිටත්ව ගිය දුම්රිය ගනේමුල්ල සහ ගම්පහ යන දුම්රිය ස්ථානවල නවත්වන්නේ යැයි මරදාන දුම්රිය ස්ථානයේදී නිවේදනය කළ ද දුම්රිය එම දුම්රිය ස්ථානවල නතර නොකිරීම හේතුවෙන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී මගීන් නොසන්සුවය හැසිරීම නිසා උණුසුම් තත්වයක් ඇතිවිය.

එලෙස නොසන්සුව හැසිරුණු මගීන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ නිලධාරීන් සමඟ ගැටුමක් ඇති කරගැනීමට උත්සහ කළ බවත් දේපළවලට හානි කර ඇති බවත් වාර්තා වේ.