ගන්කන්දට ඇප ලැබේ


ව්‍යාපාරිකයකුගේ නාසය සපා කෑවේ යැයි සැකපිට අත්අඩංගුවට ගත්  එක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දුනේෂ් ගන්කන්ද දැඩි කොන්දේසි මත ඇපමත මුදා හැරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න නියෝග කෙළේය. රුපියල් තිස් දහක මුදල් ඇපයක් සමග රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත් මසකට වරක් පොලිසිය පෙනී සිටින ලෙසත් ග්‍රාම සේවා සහතිකය පොලිසියට ඉදිරිපත් කරන ලෙසත් ඔහුට නියෝග කෙළේය. සපා කෑමට ලක්වූ ව්‍යාපාරිකයාගේ තත්ත්වය  බරපත්ල යැයි ද කොළඹ නවලෝකරෝහලේ දි සැක්කමක් කිරීමට නියමිත යැයි ද ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිට නීතිඥයෝ කීහ. ගන්කන්ද මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ තුවාල එතරම් බරපතල නොවන බවයි. නඩු විභාගය අගෝස්තු 23 වැනි දාට කල් තැබිණි.