ගන්කන්ද පොලීසියට බාර වෙයි
ව්‍යාපාරිකයකුට පහරදී නාසය හපා කෑ බවට සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීසියෙන් සොයමින් සිටි රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා අද උදෑසන නීතීඥයකු මාර්ගයෙන් කොල්ලුපිටිය පොලීසියට බාර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ව්‍යාපාරිකයා මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.
ව්‍යාපාරිකයා ජාතික රෝහලට නොදන්වා ඉන් පිටව ගොස් ඇත.

