ගණිකා වෘත්තියේ යෙදුණු උස්බෙකිස්තානු කාන්තාවෝ 5 ක් අත්අඩංගුවට


( ජයන්ත සමරකෝන් ) 
සංචාරක වීසා රැගෙන ශ්‍රී ලංකාවට පැමිණ  ගණිකා වෘත්තියේ යෙදී සිටි උස්බෙකිස්ථානු ජාතික තරුණ කාන්තාවන් පස් දෙනකු කොල්ලුපිටියේ සහ වැල්ලවත්තේදී හෝටල් දෙකකදී  අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව  පවසයි.

මොවුහු  සියලු දෙනා වයස අවුරුදු   25 - 35  අතර  පසුවන්නෝ  බව කියති.

වරින්වර සංචාරක වීසා මත පැමිණිමෙන් ජාවාරමක් ලෙස මොවුන් මෙය පවත්වාගෙන  ඇත.

ලැබුණු විශේෂ තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා  මෙම වැටලීම සිදු කර මොවුන් අත්අඩංගුවට ගත් බව  ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නීරීක්ෂණ බුද්ධි ඒකකය සඳහන් කළේය.