ගණ දෙවි කෝවිලට ගංවතුර


බුත්තල පැත්තට ඇද හැලෙන මහා වැසි හා මැණික් ගඟ ඉහළ පිහිටා ඇති  වෙහෙරගල  ජලාශයේ  වාන් දොරටු  විවෘත කිරීමත් සමග  සෙල්ල කතරගම ගඟ මැද පුරාණ ගණ දෙවි කෝවිල අඩි අටක් පමණ ජලයෙන් යටවිය. කෝවිලේ උදෑසන හා දහවල් පුජාව අද පැවැත්වීමටද නොහැකි විය. කතරගම හෝ සෙල්ල කතරගම ජනයාට කිසිදු පීඩාවක්  නැතැයි කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසයි.