ගජබා රෙජිමේන්තු වර්ණ ප‍්‍රදාන උත්සවයෙන්...


ගජබා රෙජිමේන්තු වර්ණ ප‍්‍රදානෝත්සවය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ මියුසියස් විදුහල් ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණ. ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතින් (දකුණේ සිට) එස්. දලූවත්ත (වෙඩි තැබීම), ඞී. එස්. රත්නායක (වෙඩි තැබීම), කේ. බාලසුරිය (රෝදපුටු ටෙනිස්) සහ එම්. තිලකරත්න (පිහිනුම්) යන ක‍්‍රීඩකයන් සම්මාන ලබාගත් අයුරු. ගජබා රෙජිමේන්තුවේ බොක්සිං ක‍්‍රීඩාවෙන් දස්කම් දැක් වු ක‍්‍රීඩකයන්ට යුද හමුදාපතිවරයා අතින් සම්මාන ලැබීය. යුද හමුදාපති ජගත් ජයසුරිය මහතා අතින් (දකුණේ සිට) පී. ජීවන්ත, පී. සිල්වා, පී. රණවීර සහ ආර්.පී. චන්ද්‍රසේකර සම්මාන ලබාගත් අයුරු.