ගඟ පහළ දෙපස ගංවතුර අවදානම ඉහළ යයි



(හර්ෂණ තුෂාර සිල්වා)
කැලණි ගඟට සම්බන්ධ නාගලගම් වීදිය, කළු ගඟට සම්බන්ධ පටුපාවුල සහ ගිං ගඟට සම්බන්ධ බද්දේගම යන ප්‍රදේශවල ගංවතුර අවදානම ඉහළ යමින්  පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද 27 සවස 3.30ට නිකුත් කළ අනතුරු ඇඟවීමේ දැක්වේ.

අදාළ ගංඟාවල ඉහළ ප්‍රදේශවලට ලැබුණු වර්ෂාවත් සමඟ නාගලගම් වීදිය, පටුපවුල හා බද්දේගම යන ප්‍රදේශවල ගංවතුර අවදානම වැඩි වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


ඒ අතරවාරයේදී ඉහත ගංඟා ත්‍රිත්වයට සම්බන්ධ හංවැල්ල, රත්නපුර, මිල්ලකන්ද හා තවලම යන ප්‍රදේශවල ජල මට්ටම පහත යමින් තිබුණ ද තවමත් ගංවතුර තත්ත්වය පවතින බව ද එම දෙපාර්තමේන්තු වාර්තාවේ දැක්වේ.


ඉහත අවදානම් කලාප හැර කැලණි, ගිං, කළු, නිල්වලා සහ අත්තනගලු ඔය යන ගංඟාවල ජල මට්ටම පහත යමින් තිබුණ ද ගංවතුර තත්ත්වය පහත ගොස් නැති අතර අවදානයෙන් සිටින්නැයි බලධාරීහූ ජනතාවගෙන් ඉල්ලා සිටිති.