ගංවතුරෙන් දිවි අහිමි වූවන්ට පාර්ලිමේන්තුවේ සොව පළකෙරේ


ගංවතුර සහ නායයාම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වු ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සාතිශය සංවේගය පලකරන බවත් ආපදාවට පත් ජනතාව දැඩි කම්පාවෙන් යුතුව සිහිපත් කරන බවත්  කථානායක කරු ජයසුරිය මහතා අද (06) පාර්ලිමේන්තුව ආරම්භයේදී ප්‍රකාශ කළේය.

කතානායකවරයාගේ නිවේදන ලෙස විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායක කරු ජයසුරිය මහතා මේ බව කීවේය.

ආපදා තත්ත්වයේදී රාජකාරියට වඩා එහා යමින් තම කාලය ශ්‍රමය ධනය වැයකරමින් ජනතාව මුදවා ගැනීමටත් සහන සැලසීමටත් දායකවු ත්‍රිවිධ හමුදා සමාජිකයන් වෙතත් රාජ්‍ය නිළධාරීන් වෙතත් පාර්ලිමේන්තුවේ ස්තුතිය හිමිවන බව කතානායකවරයා පැවසීය.

එමෙන්ම ආපදා කළමණාකරනය වෙනුවෙන් සුදුසුම යාන්ත්‍රණයක් සකස්කරගැනීමේ කාලය එළැඹ ඇති අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මැති ඇමතිවරුන් සැබැ මහජන නියෝජිතයන් ලෙස ඒ සඳහා අත්වැල් බැදගතයුතු බවද කතානායකවරයා අවධාරනය කළේය.

-044