ගංවතුර හරස් වූ සිසුනට වෙනම විභාගයක්


වැසි හා ගංවතුර නිසාසාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකි වූ සිසුනට එම විෂයන් සඳහා වෙනම විභාගයක් පවත් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා කියයි. සඳුදාත් අදත් අම්පාර, මාතලේ ඇතුළු ප්‍රදේශ කිහිපයක සිසුහු මේ තත්ත්වයට මුහුණ පෑහ.