ගංවතුර 27කට ගණිතය නැති කරයි


මාතලේ කූඹියන්ගහවෙල විභාග මධ්‍යස්ථානයේ සිසුන් 27 දෙනෙකුට අද අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට නොහැකි වූ බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතා කියයි. හෙලිකොප්ටරයකින් ප්‍රශ්නපත්‍ර යැවීමට ගත් උත්සාහය ද අයහපත් කාලගුණය නිසා වැළකී ගිය බව කියන ඔහු බදාදාට නියමිත ප්‍රශ්න පත්‍රය යැවීමට නාවික හමුදාවෙන් බෝට්ටු යොදවන බව ද සඳහන් කරයි.