ගංජාත් ‘එම්බාම්‘ කරයි
ඇඹිලිපිටියේ සිට නුගේගොඩට සතිපතා ගංජා රැගෙන එන බව කියන තරුණයෙක් මිරිහාන පොලීසිය විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය.
යතුරුපැදි ආසනයේ සෘජුෆෝම් ඉවත් කර ගංජා අසුරා ගෙන එමින් සිටිය දී ඔහු අල්ලා ගත් බව පොලීසිය කියයි.
ගංජා කිලෝවක නුගේගොඩ වීදි වටිනාකම රුපියල් 18,000කි.
තනමල්විලින් රුපියල් 3000කට පමණ ගන්නා ගංජා කිලෝව කොළඹ ගෙනවුත් ෆෝමලින් ගසා රුපියල් පහළොස් දහසක පමණ ලාභයක් උපයන බව කියති.
ෆෝමලින් ගසනුයේ ගංජාවල සැර වැඩි කිරීම සඳහා බව දැනගන්නට ඇත.

