ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස පත් කරනු ලැබූ උපාලි මාරසිංහ මහතා අද(13) වැඩ බාරගත්තේය.
ඒ නිමිත්තෙන් විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයට නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහුද එක්ව සිටියහ.
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීයකු වූ උපාලි මාරසිංහ මහතා කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධරයෙකි. රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් ලබා ගන්නා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයකුද වේ. අධ්‍යපන අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළුව අමාත්‍යාංශ ගණනාවක ලේකම් ධුර සහ විවිධ උසස් තනතුරු දැරූ උපාලි මාරසිංහ මහතා රසායනික විද්‍යාව සහ ඵලදායිතාව පිළිබඳ පර්යේෂණාත්මක කෘති රැසක් රචනා කර තිබේ. 2011 වසරේදී ඵලදායිතාව පිළිබඳ ආසියානු සංවිධානයේ ඵලදායිතා විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීමටද ඒ මහතා සමත් විය.
අමාත්‍යාංශයේ ලේකම් ලෙස වැඩභාර ගැනීමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ දිවා රෑ නොබලා වෙහසී වී තම වගකීම් ඉටු කරන පරිපාලන විෂය ගැන පුළුල් දැනුමක් ඇති පුද්ගලයකු තම අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් වීම ගැන සතුටට පත් වන බවයි.



