රාජ්‍ය ගිණුම් කාරක කමිටුවේ (කෝපා) සභාපති ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා නැවතත් පත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මන්ත්‍රී අලගියවන්න මහතාගේ නම යෝජනා කළ අතර මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා එය ස්ථිර කරනු ලැබීය.
මීට පෙර පැවති ගිණුම් කාරක සභාවේ ද සභාපතිවරයා ලෙස අලගියවන්න මහතා කටයුතු කළේය.
ඇමැතිවරුන් වන පවිත්‍රාදේවී වන්නිආරච්චි, දුමින්ද දිසානායක, මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, උදය ගම්මන්පිල, අලි සහීර් මවුලානා,ආචාර්ය නලින්ද ජයතිස්ස සහ විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් කමිටු රැස්වීමට පාර්ලිමේන්තුවට පැමිණ සිටියහ.

