කෝටියක් වටිනා රතුකැටය ගුවන්තොටේදී අසුවෙයි


(ප්‍රසාද් මුතුකුඩ)
 
රුපියල් කෝටියක් වටිනා මැණිකක් නීති විරෝධිව වෙනත් රටකට රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රි ලාංකිකයකු අද(6) රේගුව විසින් කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරු 33 හැවිරිදි කොළඹ පදිංචිකරුවෙක් වන අතර එටීහාඩ් ගුවන් සේවයේ ඊ .වයි 267 දරණ ගුවන් යානයෙන් ඔහු අඩුඩාබි බලා යාමට  ගුවන්තොටුපළට පැමිණ සිටි බව රේගුව පවසයි.
සැකකරු  අත්අඩංගුවට ගෙන  අත්බෑගය පරික්ෂා කිරීමේදි එහි  කුඩා පොකට්ටුවක් තුළ තිබියදි හමුවූ බරින් කැරට් 5 ක් වන ඉතා දුර්ලභ රතු  (රූබි) මැණික් වර්ගයට අයත්  මෙය ඉතා  කුඩා  මැණිකක් බව ගුවන් තොටුපළ නියොජ්‍ය  රේගු අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක මහතා පවසයි.