කෝටි පහක රන් පරිගණක බෑගයෙන් එළියට
රුපියල් කෝටි පහමාරක් වටිනා රන් කිලේ 5.7ක් සිංගප්පුරුවේ සිට අනවසරයෙන් ගෙන ආ රියැදුරෙක් කටුනායක රේගු විශේෂ කාර්යංශයේ විමැසුම් අංශය විසින් අද අලුයම 2.10 අත්අඩංගවට ගනු ලැබීය මාල, වළලු, බ්‍රේස්ලට්, පෙන්ඩන්ට් ඇතුළු රන් අභරණ ලැප්ටොප් පරිගණක බෑගයක් තුළ ගෙන ආ බව කියන එම රියැදුරා ව්‍යාපාරිකයකු ලෙස සිංගප්පූරුවට ගොස් ඇත. කොළඹ කයිසර් වීදියේ පදිංචි ඔහු දොළොස් වතාවක් සිංගප්පුරුවට ගිය බව ඔහුගේ ගමන් බලපත්‍රය කියයි. නියෝජ්‍ය රේගු අධිකාරී සනත් ප්‍රනාන්දු, රේගු අධ්‍යක්ෂ සනත් ජයසිංහ හා රෝගු නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්. පාස්කරන් මහත්වරු පරීක්ෂණ මෙහෙයවති.

