( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
දිවුලපිටිය බස් නැවතුම්පොළ අසළ දී කෝටි එකහමාරකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු යතුරු පැදියකින් රැගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .
සැකකරුවන් සන්තකයේ තිබී මත්කුඩු කිලෝ 1 ග්‍රෑම් 496 පොලිස් භාරයට ගෙන ඇත .
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 22 සහ 42 අතර පසුවන කිඹුලාපිටිය හා මිනුවන්ගොඩ පදිංචි කරුවන්ය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .


