
(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 8 කට අධික වටිකමින් යුත් මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි සහ සීනි පැණි තොගයක් සමග පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය අද (06) අත්අඩංගුවට ගැනීමට සමත් විය.
මෙහිදී අත්අඩංගුවට ගත් මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි කිලෝ 625,000 ක් සහ සීනි පැණි තොගයක් ඇතුළු භාණ්ඩ නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ ගබඩාවේ භාරකරු ලෙස සිටි පුද්ගලයෙකු අදාළ භාණ්ඩ සමග වැඩිදුර විමර්ශණ සදහා ගම්පහ පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශණ අංශයට බාරදී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ කලාප අණදෙන නිලධාරි ජේෂ්ඨ පොලිස් අධිකාරි රෝයි සුමනවර්ධන සහ සහකාර පොලිස් අධිකාරි අරුණ කටුගම්පල යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එස්. කුලසේකර මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීමට විය.



