( සිතුම් චතුරංග)
කිලිනොච්චිය සිට මන්නාරමට ටිපර් රථයක සඟවා රැගෙනයාමට සූදානම් කොට තිබූ රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමින්යුත් කේරළ ගංජා කිලෝ 320 සමඟ පුද්ගලයකු කිලිනොච්චිය ,ජයපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
යුද හමුදාව වෙත ලැබුණ බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු හා කේරළ ගංජා පැටවූ ටිපර් රථය අත්අඩංගුවටගෙන ඇති අතර එහි තිබී කිලෝ දෙක ප්‍රමාණයේ කේරළ ගංජා පැකට් 117 සොයාගත් බව විශේෂ කාර්ය බලකාය පැවසීය.
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් අලුයම 12.45 පමණ මෙම කේරළ ගංජා තොගය ජයපුරම් වෙරළ තීරයට රැගෙනවිත් ඇති අතර එහි සිට ටිපර් රථයක සඟවා මෙම කේරළ ගංජා මන්නාරමට රැගෙනයාමට සූදානම්කොට තිබූ බව සඳහන් කළේය.
වැටලීම සිදුකරන අවස්ථාවේ කේරළ ගංජා රැගෙන ආ බෝට්ටුකරුවන් එම ස්ථානයෙන් පලාගොස් සිටි අතර ටිපර් රථය දමා පලායාමට උත්සහ කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව කීය. මන්නාරම ප්‍රදේශයට රැගෙනයන කේරළ ගංජා කොටස්කර කොළඹ ප්‍රදේශයට රැගෙනයාමට නියමිතව තිබූ බවද පැවසීය.
අත්අඩංගුවටගත් සැකකරු වවුනියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක පුද්ගලයකු වේ. සැකකරු හා කේරළ ගංජා පැටවූ ටිපර් රථය අධිකරණ ක්‍රියාමාර්ග සඳහා ජයපුරම් පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

