මඩුකන්ද සිතුම් චතුරංග
ධීවර බෝට්ටු ඔස්සේ රැගෙනවිත් මෝටර් රථවලින් කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 260 ක් සමඟ පුද්ගලයකු අද(17) කිලිනොච්චිය සංගුපිට්ටි ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව පූනරීන් පොලිසිය කියයි.
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු ඔස්සේ මෙරටට රැගෙනවිත් සංගුපිට්ටි ප්‍රදේශයේදී මෝටර් රථවල පටවා කොළඹට කේරළ ගංජා ප්‍රවාහනය කරන ජාවාරමක් පිළිබඳ ලැබුණ තොරතුරකට අනුව පූනරීන් සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා ඇතු`ඵ පොලිස් කණඩායමක් සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරු හා කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසූයේ වැටලීම සිදුකරන අවස්ථාවේ කේරළ ගංජා ප්‍රවාහනය කිරීමට පැමිණි මෝටර් රථය හා එහි රියදුරු පාලාගිය අතර බෝට්ටුවෙන් පැමිණි එක් ජාවාරම්කරුවකු බෝට්ටුවද රැගෙන පලාගිය බවයි. බෝට්ටුවෙන් පලාගිය ජාවාරම්කරු සොයා පූනරින් පොලිසිය හා නාවික හමුදාව පූනරින් මුහුදු තීරයේ පැය කිහිපයක් සෝදිසි මෙහෙයුම් දියත් කළද සැකකරු පළාගොස් සිටියහ.
අත්අඩංගුවටගත් ජාවාරම්කරු දීර්ඝ කාලයක සිට කේරළ ගංජා ජාවාරමේ නිරත පුද්ගලයකු වන අතර ඉන්දියාවේ සිට කේරළ ගංජා මෙරටට රැගෙනවිත් කොළඹ හා විවිධ ප්‍රදේශවලට බෙදාහැරීම සිදුකරන බවත් යාපනය ,මාණික්පායි පිහිටි ඔහුගේ නිවසෙහි තිබි කේරළ ගංජා කිලෝ 12ක ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගත් බවද පැවසීය.
පලාගිය සැකකරුවන් මේ වන විට හදුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් පූනරින් පොලිසිය විසින් ආරම්භ කොට තිබේ. අත්අඩංගුවටගත් සැකකරු යාපනය , මාණික්පායි ප්‍රදේශයේ පදිංචිකරුවකුවන අතර කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කිලිනොච්චිය , මුලතිව් දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්න , පූනරින් සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ උපදෙස් මත පූනරින් වැඩබලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒකනායක , පොලිස් කොස්තාපල්වරුන් වන (36417) ප්‍රේමචන්ද්‍ර , (72097) දිනේෂ්, (81388) නිරෝජන්, (87987) කබිලන් ඇතු`ඵ කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

