කෝටි 18 වැටි බදු වංචාව


දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට පෞද්ගලික සමාගම් හතකින් ගෙවිය යුතු රුපියල් දහඅට කෝටියක වැටි බදු වංචා කළැයි සැකපිට දේශීය ආදායම් දෙපාර්තමේන්තු සේවකයෝ දෙදෙනෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 31  වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. එම සමාගම්වලින් ගෙවිය යුතු බදු වෙනුවට ව්‍යාජ දත්ත එකතු කිරීම හා සැබෑ දත්ත මකා දැමීමෙන් මේ වංචාව කැර ඇතැයි කියති. පරිගණක විශ්ලේශක කේ.ආර්. ලෙස්ලි රොවෙල් හා තක්සේරුකරු ගාර්ලිස් නාකන්දල රිමාන්ඞ් කැරුණු දෙදෙනායි.