කෝටි 14ට ලොබවී ලක්‍ෂ හතක් පුදයි


එතෙර ලොතරැයියකින් රුපියල් කෝටි ගණනක්  ලැබී ඇතැයි  වැල්ලවත්තේ ව්‍යාපාරිකයකුගේ ඩොලර් දාහක් වංචා කළ බවට වරද පිළිගත් නයිජිරියා ජාතික ක්ලින්ට් කි‍්‍රස්ටියන් තවත් එවැනි  වංචාවක් සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින්  රිමාන්ඞ් කරනු ලැබිය.  හෝමාගම ව්‍යාපාරිකයකුට එතෙරින් පවුම් හත්ලක්‍ෂ විසිදාහක (රුපියල් කෝටි දාහතර හමාරකට වැඩි මුදලක්)  ලොතරැයියක් ඇදුණු බව කියා රුපියල් ලක්‍ෂයක්ද බැංකු ගිණුමට හයලක්‍ෂක් පමණද බැර කරවාගෙන ඇතැයි පොලීසිය උසාවියට දැන්වීය.