කෝටි 10 ක හෙරොයින් වනවාසලින් අල්ලයි


(ඉන්දිකා රාමනායක)

වනවාසල ප්‍රදේශයේ සුවිසල් නිවසක තිබිදී හෙරොයින් කිලෝ 10 ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනකු විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ විසින් අද (2) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් හෙරොයින් වල වටිනාකම කෝටි 10 ඉක්මවන බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම හෙරොයින් තොගය ඇෆ්ගනිස්ථානයේ සිට මෙරටට ගෙන්වා ඇති බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.

මෙම හෙරොයින් තොගය තිබූ නිවස වෙලේසුදා  නම්  මත්කුඩු ජාවාරම්කරුට අයත්  බවද තොරතුරු හෙළිව   ඇත.