කෝට්ටේ ළමා උයනක් විකුණලා


කෝට්ටේ මහා නගර සභාව සතු නාවල කොස්වත්තේ ළමා ක්‍රිඩාංගනයක් රුපියල් කෝටි 4කට ජී.ඒ.ජොකින් නම් පුද්ගලයකුට විකිණීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෝට්ටේ නගරාධිපති ජනක රණවකට එරෙහිව නඩුවක් කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා ඉදිරියේ දී අද කැඳවිණි. පොදු පෙරමුණේ නාගරික මන්ත්‍රී ප්‍රසන්න රවින්ද්‍රලාල් පැමිණිල්ල ඉදිරිපත් කෙළේය. 2011.10.01- 2012.9.30 අතර කාලයේදී පර්චස් 38.5ක් වූ එම ළමා උයන හා රුපියල් කෝටි 6 වටිනා එහි ක්‍රීඩා උපකරණ ද විකිණීයැයි පැමිණිකරු අධිකරණයට දැන්වීය. රාජ්‍ය දේපොළ පොදු පරිහරණයට ගැනීම හා විකිනීම යටතේ මේ නඩුව පවරා ඇත. නගරාධිපති ජනක රණවක හා ඉඩම ගත් ජි.එච්. ජෝකින්ට ලබන ජනවාරි 8 වැනිදාට උසාවි එන ලෙස නොතිසි නිකුත් කෙළේය.