(අජන්ත කුමාර අඟලකඩ)
කොරෝනා වසංගත තත්ත්වය බලපෑ කාලසීමාවේදී සහන සලසන ලෙස දුන් නියෝග ඇතැම් රාජ්‍ය හා පෞද්ගලික වාණිජ බැංකුවලින් ක්‍රියාත්මක කර නොමැති බවට අද (10) කැබිනට් රැස්වීමේදී විවේචන එල්ල වී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදේ පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් කිහිපදෙනකු මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.
ඇමතිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ විමල් වීරවංශ යන මහත්වරුන් ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් දක්වා ඇත.
එහිදි අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකුවෙන් මේ සම්බන්ධයෙන් දී ඇති උපදෙස් ඇතැම් වාණිජ බැංකුවලින් ක්‍රියාත්මක කර නැති බව තමාට ද පැමිණිලි ලැබී ඇති බව ප්‍රකාශ කර ඇත.
මේ ගැන සොයාබලා පියවරක් ගන්නා බව ජනාධිපතිවරයා එහිදි ප්‍රකාශ කර ඇත.

