කොළඹත් ප්‍රධාන නගරවලත් ආරක්ෂාව තර කරයි


අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් 11 සිට 20 දක්වා කොළඹද ප්‍රධාන නගරවලද ආරක්ෂාව තර කරන බව පොලිසිය කියයි.

සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් නිලධරයන් ඒ සඳහා වැඩිපුර යෙදවීමට නියමිතය. කොළඹ සාමාන්‍ය පොලිසියට අමතරව 500 දෙනකු පමණ යොදාගන්නා බව පොලිසිය කියයි.

අවුරුදු සමයේ රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි අලෙවි කරන්නන් සතුව අනිවාර්යයනේම බලපත් තිබිය යුතු බවද පොලිසිය පවසයි.