කොළඹත් ඇමෙරිකා විරෝධි උද්ඝෝෂණ


මහමත් නබිනායකතුමන්ට අපහාස වන අයුරින් ඇමෙරිකා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විසින් නිපදවමූ චිත්‍රපටයට විරෝධය පාමින් ශ්‍රී ලංකා තම්හීද් ජමාඅන් මුස්ලිම් එකමුතුව සංවිධානය කළ විරෝධතා පාගමනක් කොටුව දුම්රියපල ඉදිරිපිට සිට කොල්ලුපිටියේ පිහිටි මෙරට ඇමරිකා තානාපති කාර්යාලය දක්වා පැවැත්විණි. ඇමරිකා ජාතික කොඩිවලටද බරක් ඔබාමා ජනපති ඇතුළු ඇමෙරිකා නායකයන්ගේ ඡායාරූපවලට සෙරෙප්පු පහර ගසමින් දහසකට අධික මුස්ලිම් ජාතිකයෝ මේ ගමනට එක්වූහ. ගාලු මුවදොර වටරවුම අසලදී පොලීසිය මාර්ග බාධක යොදා පෙළපාලිය නතර කලේය.  ගාලුපාර කොල්ලුපිටිය දෙසටත් කොළම කොටුව දෙසටත් සම්පූර්ණයෙන්ම වසා දැමිණ.