(විනීතා එම් ගමගේ)
ඉදිකිරීම් ආරම්භ කර ඇති කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ ගම්පහ - දාරළුව ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවට ආවේණික ‘කෲඩියා සෙලනිකා‘ නම් ශාකය හමුවීමත් සමඟ එම ප්‍රදේශය ආශ්‍රිතව සිදුකෙරෙන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අත්හිටුවන ලෙස මාර්ගය සංවර්ධන අධිකාරියට දැනුම් දුන් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ශාකය ලෝකයෙන් වඳවී ගිය බවට අන්තර් ජාතික රතු දත්ත පොතට ඇතුළත් කර ඇති ශාඛයකි.
කෙසේ වෙතත් අහම්බයෙන් හමුවූ මෙම ශාකය පේරාදෙණිය උද්භිද උද්‍යානය සමඟ එක්ව සංරක්ෂණය කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ලක්ෂ්මන් පීරිස් මහතා පවසා තිබේ.
1868 වසරේ මෙම ශාකය පළමුවරට වාර්තාවී ඇති අතර පසුව 1911 වසරේ දී නැවත සොයාගෙන තිබේ.
අධිවේගී මාර්ගය ඉදිරකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය ලබාගෙන ඇති පරිසර තක්සේරු වාර්තාවලදී මෙම ශාකය හමුවූ බවට සඳහන් නොමැති බව වාර්තවේ. ඉන් පසුව නැවත වාර්තාවී නොමැති බැවින් වඳවී ගිය ශාකයක් ලෙස ‘කෲඩියා සෙලනිකා‘ නම් ශාකය රතු දත්ත පොතට ඇතුළත් කර ඇත්තේ ඉන් අනතුරුවය.
කෙසේ වෙතත් අධිවේගී මාර්ගය ඉදිරකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය ලබාගෙන ඇති පරිසර තක්සේරු වාර්තාවලදී මෙම ශාකය හමුවූ බවට සඳහනක් නොමැති බව වාර්තා වෙයි.
මෙම ශාඛය තක්සේරු වාර්තාවලට අසු නොවූයේද එය තක්සේරු වාර්තාවලින් සැඟවූයේ ද යන්න ගැන සොයා බැලිය යුතු යැයි එම ශාකය සොයාගත් පරිසරවේදී හිමේෂ් ජයසිංහ මහතා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් ද කර තිබේ.
කෙසේ වෙතත් ශාකය සංරක්ෂණය සඳහා පියවර ගැනීමෙන් පසු අධිවේගී මාර්ගයේ කටයුතු යළි අරඹන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

