(ජයන්ත සමරකෝන්)
කොළඹ නගරයේ වායු දුෂණ තත්ත්වය පිළිබඳව දිනපතා ජනතාව දැනුම්වත් කිරිමේ ජංගම රථයක සවිකළ ප්‍රදර්ශන පුවරුවක් නගර ශාලාව පිටත ස්ථාපිත කර ඇතැයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි මහතා පැවසීය.
කොළඹ නගරයේ වායු ගුණ තත්ත්වය අඛණ්ඩව මැන බැලීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් කොළඹ මහ නගර සභාව අසලදී නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් අද (6) ස්ථාපිත කරනු ලැබීය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා කොළඹ මහනගර සභාව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වායු ගුණ අධික්ෂණ යන්ත්‍රය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක කෙරේ.
එම යන්ත්‍රය මගින් අද කොළඹ නගරයේ සාමාන්‍ය වායු තත්ත්වය මැන බැලූ බවද ඒ අනුව වායු තත්ත්ව දර්ශකය 55 ක් බවට විශ්ලේෂණ දත්ත වාර්තා මගින් හෙළිවූ බවද කී ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිවරයා කීය.
වාහනවලින් නිකුත් කරන කාබන් මොනොක්සයිඩ් ඩීසල් වාහනවලින් නිකුත් කෙරෙන සල්ෆර් ඩයෝක්සයිඩ් හා ත්‍රිරෝද යතුරුපැදි වලින් නිකුත් කරන හටිඩ්‍රෝ කාබන්වල ක්ෂුද්‍ර අංශ මැන බලා පරිගනක දත්ත පද්ධතියක් මගින් අදාළ විශ්ලේෂණ වාර්තා නිකුත් කෙරෙන බවද ඔහු කීවේය.



