කොළඹ මහනගර සභාවේ සේවකයෝ වර්ජනයක


(රංජන් කස්තුරි)

කොළඹ මහනගර සභාවේ සේවක සේවිකාවෝ පිරිසක් අද (28) වැඩ වර්ජනයක නිරත වූහ.

කොළඹ නගර සභෘවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ටෝනි රම්සි මහතා නාගරික භාණ්ඩාගාරිකවරියට බැන තර්ජන කළබව කියන සිද්ධියක් හේතුවෙන් සේවකයෝ එම වර්ජනයේ නිරත වූහ.

කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව සිටින කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල්වලට සහන බඩු මල්ලක් ලබාදීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන නිකුත් නොකරන බවට චෝදනා කරමින් ටෝනි රම්සි මහතා නාගරික භාණ්ඩාගාරිකවරියට බැන තර්ජනය කර ඇතැයි වැඩ වර්ජිත සේවකයෝ පැවසුහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)