කොළඹ මංතීරු නීතිය හෙට සිට තදටම


(ඉන්දිකා රාමනායක)

කොළඹ නගරයේ මාර්ගවල සහ තදාසන්න ප‍්‍රදේශවල හෙට (12) සිට මංතීරු නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති  පි‍්‍රයන්ත‍ ජයකොඩි මහතා පවසයි.

පොලිස් රථවාහන  මුලස්ථානය සහ නාගරික රථවාහන මුලස්ථානය එක්ව මම මංතිරූ නීතිය කඩන රියදුරන් අත්අඩංගුවට ගැනීමටත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් විශේෂ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර ඇති බවද පි‍්‍රයන්ත ජයකොඩි මහතා කියයි.