කොළඹ නීතීඥවරු හෙට පැයක් වැඩ වරති


ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී  ඇය වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියා කළ නීතීඥ ගුණරත්න වන්නිනායක මහතාට පහරදුන් සිද්ධිය හෙළා දකිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරුන් හෙට (19) පැයක් වැඩ වැරීමට තීරණය කැර ඇත. ඔහුට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස් පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ සභාපති නීතීඥ ආර් ඒ පී රණවක මහතා කියයි.