කොළඹ නගර සභාවේ මන්ත්‍රී දීමනාව 20,000 කින් ඉහළට


(රංජන් කස්තුරි)

කොළඹ මහනගර සභාවේ අද (24) පැවැති මාසික රැස්වීමේදී ගාලගෝට්ටි හා බාධා කිරීම් මැද මන්ත්‍රී දීමනාව රුපියල් 20,000 න් ඉහළ නැංවීමේ යෝජනාව සම්මත කෙරිණි.

නගරාධිපති රෝසි සේනානායක මහත්මිය ඉදිරිපත් කළ එම යෝජනාව සම්මත වූ පසු කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුගේ සියලු දීමනා රුපියල් 34,000 සිට 54,000 දක්වා ඉහළ යයි.