කොළඹ දෙමළ මාධ්‍ය පාසල් සංවර්ධනයට


(නිමල කොඩිතුවක්කු)

  

කොළඹ නගරයේ තිබෙන දෙමළ මාධ්‍ය කුඩා පාසල් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක‍්‍රිෂ්ණන් මහතා පැවසීය.

දිවයිනේ තිබෙන සියලූම කුඩා පාසල් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම කටයුතු සිදුකරන බව  අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර හින්දු විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන්  පසුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

පසුගිය ආණ්ඩු වලින් අවධානය යොමු නොවු, මේ දක්වා සංවර්ධනය නොවුණු දිවයිනේ කුඩා පාසල් කිහිපයක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් එම පාසල් කඩිනමින් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.

කුඩා පාසල් සියලූම පහසුකම් සහිත පාසල් දක්වා දියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසට මේ වනවිට බලධාරින්ට උපදෙස් ලබා දී ඇති බවද  රාජ්‍ය අමාත්‍ය වී.රාධක‍්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් පැවසීය.