කොළඹ ගොඩනැගිල්ලක් හෙල්ලිලාලු - නැතිලු


කොළඹ ටෙලිකොම් ගොඩනැගිල්ල සෙලවී ඇති බවට වාර්තා වූ බවත්, එය භූකම්පනයක් නිසා සිදුවූවක් යැයි කීමට සාධක තවම ලැබී නැති බවත්, ඒ ගැන සෙයා බලමින් සිටින බවත් අපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර මහතා කියයි. භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ ප්‍රකාශකයකු පැවසුවේ පොලොව හෙල්ලීමක් ගැන වාර්තා නොවූ බවයි.