කොළඹ නගරයේ ප්‍රධාන ස්ථානයක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් අනුව එහි දෙපැයකට ආසන්න කාලයක් සෝදිසි කළ නමුත් නීති විරෝධී කිසිවක් සොයා ගත නොහැකි වූ බව පොලිසිය කියයි.
ජනපතිවරණයට සම්බන්ධ බව කියන ලියවිලි තොගයක් එහි ඇතැයි දුරකතන ඇමතුමකින් දුන් තොරතුරක් අනුව මේ සෝදිසිය සිදු විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන හිමි, දොස්තර රාජිත සේනාරත්න, රවී කරුණානායක, අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න මහත්වරු ඇතුළු පිරිසක් ද සෝදිසියට එක්වූහ.




