කොළඹ එක්දින තරග පල්ලෙකැලේ යයි


ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ මස 4 සහ 6 දෙදින කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි සහ තෙවැනි එක්දින තරග මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයට ගෙන යෑමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ වර්ෂා ජලය රැදී තිබිමෙන් තණතිලි සකස් කිරීමේ ගැටලූ මතුවී ඇති බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසීය.