මේ වසරේත් ලන්ඩනය ඇතුළු එංගලන්තයේ සෑම ප්‍රධාන නගරයකම සිංහල අවුරුදු උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ශ්‍රී ලාංකික විහාරස්ථාන සහ සංස්කෘතික සංවිධාන සැරැසේ.
බ්‍රිතාන්‍යයේ සිංහල අවුරුදු උත්සව මාලාවේ පළමුවැන්න පසුගියදා පැවැත්වුණේ නැගෙනහිර ලන්ඩනයේ රෙඩ්බ්‍රිජ් නගරයේදීය.
රෙඩ්බ්‍රිජ් බෞද්ධ විහාරාධිපති පෙතිගමුවේ හේමරතන හිමියන්ගේ උපදේශකත්වයෙන් සහ විහාරස්ථානයේ දායක දායිකාවන් සංවිධායකත්වයෙන් "2014 බක්මහ අසිරිය" මෙවරත් විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පසුගිය සෙනසුරාදා පවත්වනු ලැබිය.
සම්ප්‍රදායික සිංහල අවුරුදු අංගයන් මෙන්ම සිරිත් විරිත් සහ අනෙකුත් සංස්කෘතික අංගයන් විදහා දැක්වූ අලංකාර සංස්කෘතික සංදර්ශනයක් ද එදින පැවැත්වින.
මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තන් වශයෙන් ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් සහ සහකාර මහ කොමසාරිස් නෙවිල් සිල්වා සමඟ විශේෂ අමුත්තන් රැසක් ද සහභාගී වුහ.

