කොස්තාපල්ට පහර දී අධිවේගයෙන් පනින්න ගිය අලව්ව ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට


 
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
බණ්ඩාරගම ගැලනිගමින් අණ නොතකා ධාවනය වූ ලොරියක් කොළඹ පිටත අධිවේගී වටරවුම් මාර්ගයේ කොතලාවල පිවිසුමෙන් පිටවීමේ දී පොලිස් කොස්තාපල්වරයකුට පහර දී පලා යාමට උත්සාහ කළ ලොරියේ රියදුරු අද (17) අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.‍


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි අලව්ව ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරයෙකි.


සැකකාර මන්තී‍්‍රවරයාගෙන් පහර කෑ කොස්තාපල් හෝමාගම මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවත් කොස්තාපල්වරයා පහර දුන් බව පවසමින් මන්තී‍්‍රවරයා ද මේ වන විට පොලිස් ආරක්ෂාව මධ්‍යයේ එම රෝහලේ ම ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.


ලොරියේ පිටුපස විදුලි ලාම්පු නිසි අයුරින් කි‍්‍රයාත්මක නොකිරීම ද යන කරුණු දුටු ගැලනිගම පිවිසුමේ රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරයා එම ලොරියට නැවැත්වීමට සංඥා කිරීමේ දී එය අණ නොතකා කොළඹ දෙසට ධාවනය කර ඇතැයි පොලිසිය පවසයි.