කොස්ගොඩ නදුන් ඉතාලියෙන් ලංකාවට


ශ්‍රී ලංකාවේ ද මීනීමැරුම් ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටි කොස්ගොඩ නඳුන් පී ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නඳුන් ඉතාලියේ සිට සිකුරාදා (28) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.

ඉතාලි හා ඉන්ටපොල් පොලිසිවලින් ඔහු අත්අඩංගුවට ගත්තේ පසුගිය බ්‍රහස්පතින්දා ය.

ඔහු නිදහස් කර ගැනීමට ඉතාලියේ මිලානෝ ඇතුළු නගරවල ඔහුගේ හිතවත්හු යුරෝ දහස් ගණන් වැය කර නීතීඥ සහාය ද ලබා ගත්හ.

ඉන්පොල් ජාත්‍යන්තර පොලිසියෙන්ම ඔහු ශ්‍රී ලංකාවට රැගෙන එන බව ඉතාලි හා ශ්‍රී ලංකා ආරංචි කියයි.

වසර කිහිපයක සිටම නඳුන් ඉතාලියේ පදිංචිවී සිටියි.