( තිළිණි ද සිල්වා)
කොවිඩ් වසංගතයයෙන් බැට කන සංචාරක කර්මාන්තය නැංවීමේ පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
සංචාරක කර්මාන්තය නගා නගාසිටුවීම සඳහා රජය ක්‍රියාත්මක කරන මෙම සැලැස්ම යටතේ වසංගත තත්වය හමුවේ සහ වසංගතයෙන් පසුව ඉදිරි වසර පහ තුළ සංචාරක කර්මාන්තය ගොඩනැංවීම අරමුණු වී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය .
සංචාරක සංවර්ධන අධිකාරිය හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය එක්ව යුක්රේනයේ ක්‍රියාත්මක කළ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට සමගාමීව එරට හිල්ටන් හෝටලයේ දී යුක්රේන සංචාරක සංවිධායකවරුන් හමු වූ අවස්ථාවේදී සංචාරක අමාත්‍යවරයා මේ බව කීය.
එහිදී, අමාත්‍යවරයා කොරෝනා වෛරස ව්‍යාප්තිය පවතින අවස්ථාවේදී ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ සංචාරක නියාමන ව්‍යාපෘතිය සඳහා යුක්රේනය දැක්වූ සහයෝගය අගය කළේය.
සංචාරක බුබුළු ක්‍රමය යටතේ ක්‍රියාත්මක කෙරුණු මෙම නියාමන ව්‍යාපෘතිය හරහා යුක්රේන , රුසියානු සහ කසකස්ථානු සංචාරකයින් 2258ක් මෙරටට පැමිණ බවත් ,ඉන් සංචාරකයින් නම දෙනෙකුට පමණක් ෙකාරෝනා අසාදිතව බව තහවුරුවී ප්‍රතිකාර ලබා සුව වී එරටින් පිටත්ව ගොස් සිටින බවද අමාත්‍යවරයා කීය.
සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කළ රටවල ක්‍රියාත්මක වන ක්‍රමවේද සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් හා මාර්ගෝපදේශ සැලකිල්ලට ගනිමින් වසංගත තත්වය තුළ ලංකාව නැවතත් සංචාරක ව්‍යාපාරය ආරම්භ වූ ආකාරය ද අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය .
විශේෂයෙන් ජනතාවගෙන් සංචාරකයින්ටත්,සංචාරකයින්ගෙන් ජනතාවටත් වෛරසය ආසාදන නොවන ක්‍රමවේදයක් අනුව සංචාරක කර්මාන්තය නැංවීමට රජය අපේක්ෂා කරන බවත් , ඒ අනුව ජනතාවගෙන් කෝටියකට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා 2ම ලබාදීමට ශ්‍රී ලංකා රජයට හැකි වූ බවද අමාත්‍යවරයා යුක්රේන සංචාරක සංවිධායකයින් හමුවේ සඳහන් කළේය.
කලාපයේ අනිත් රටවලට සාපේක්ෂව ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට හා සුභසිද්ධියට පළමු තැන දෙමින් කටයුතු කරන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දිය හැකි බවත් , කොරෝනා තත්ත්වය යටතේ ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ දී සෞඛ්‍යය ප්‍රශ්නයකට මුහුණ දුන් විදේශීය නාවිකයන්ට අවදානම නොතකා උපකාර කිරීම හරහා ශ්‍රී ලාංකිකයන් නිහතමානී, පරාර්ථකාමී ජාතියක් ලෙස බොහෝ රටවල් හඳුන්වා දුන් බවද එහිදී අමාත්‍යවරයා සිහිපත් කළේය.
කොවිඩ් වසංගත තත්වය තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදය මගින් සෞඛ්‍ය උපදෙස් අවශ්‍ය සංචාරකයන් සඳහා වහාම සෞඛ්‍ය සහාය ලබාදීම ද සිදු කෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
රට තුළ ක්‍රියාත්මක වෙන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද පිළිබඳව දීර්ඝ ලෙස පැහැදිලි කල අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් පිළිගැනීම සඳහා රටක් වශයෙන් ශ්‍රී ලංකාව සූදානම් බව ද කීවේය.
මෙහිදී අදහස් දැක්වූ යුක්රේන රාජ්‍ය ඒජන්සියෙ මරියානා ඔලෙස්කියු මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා යුක්රේනයේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙන බවයි.
මෙම අවස්ථාවට යුක්රේනයේ සංචාරක සංවිධායකවරුන් 150ක් පමණ සහභාගී වූ අතර විදේශ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති අධිකාරිය සභාපති කිමාලි ප්‍රනාන්දු, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි ගුවන් තොටුපල හා අපනයන සැකසුම් කලාප රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන ඇතුළු නියෝජිතයින් සහභාගී වූහ

