කොවිඩ් මරණ 59ක් වාර්තා වෙයි


(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 59 දෙනකු ඊයේ (29) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කළේය. 

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 12,906ක් දක්වා ඉහළ ගොස් ඇත.

මියගිය අයගෙන් 47 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 11 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු එක් අයෙක් ද ඒ අතර වෙති.

මියගිය අය අතරින් 28 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ 31 දෙනෙක් ද වෙති