කොවිඩ් නිසා තවත් නගර 24ක් වැසේ


කොරෝනා අවධානම හේතුවෙන් අද (18) සිට තවත් නගර 24 ක කඩ සාප්පු වසා දැමීමට එම වෙළෙඳ සංගම් හිමියන් සහ නාගරික වෙළෙද සංගම් ස්වේච්ඡාවෙන් තීරණය ගෙන තිබේ.

මෙම නගරවලට ඖෂධ අලෙවිසැල් සහ ඉන්ධන පිරවුම්හල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන පමණක් විවෘතව තැබෙනු ඇති බව ද එම සංගම් සදහන් කරයි.

දිවයින පුරා නගර 34 ක කඩ සාප්පු දැනටමත් වසා දමා ඇති අතර, මේ වන විට වසා දැමුණු මුළු නගර සංඛ්‍යාව 58කි.

ඒ අනුව, බිබිල, මොනරාගල, මැදගම, සියඹලාණ්ඩුව, බුත්තල, ඇඹිලිපිටිය, අයගම, කිරිඇල්ල, බදුල්ල, රක්වාන, ගොඩකවෙල, නොච්චියාගම, කැප්පෙට්ටිපොල, රුවන්වැල්ල, ත්‍රිකුණාමලය, හාලිඇල, ගනේමුල්ල, තවලම, තඹුත්තේගම, කඹුරුපිටිය, පදියපැලැල්ල, ඉමදූව, හැටන් කොටගල, පදියතලාව යන නගරවල කඩසාප්පු මෙන්ම වෙළෙඳ සංකීර්ණ ද අද (18) සිට මෙසේ වසා දමා ඇත.

ගම්පහ, අම්බලන්තොට, අම්බලන්ගොඩ, මරදගහමුල, වේයන්ගොඩ, දංකොටුව, සේරුනුවර, පලාපත්වල, උල්පත, තංගල්ල, බදුල්ල, බළංගොඩ, වලපනේ, බණ්ඩාරවෙල, මාතලේ යටවත්තත යේලක්කරය, අනුරාධපුර, හලාවත, අම්පාර, වෙන්නප්පුව, කැකිරාව, මොණරාගල, දඹුල්ල, කහවත්ත, දිවුලපිටිය, දැරණීයගල, ඌරගස්මංහන්දිය, පල්ලේපොල, අලව්ව සහ යාපනයයන නගරවල වෙළෙදසැල් මීට දින කිහිපයකට පෙර වසා දැමුණු නගර වෙයි.

මේ අතර, පවතින කොරෝ වසංගත තතත්වය හමුවේ හොරණ නගරයේ ව්‍යාපාරික ස්ථාන හා කඩ සාප්පු ලබන අගෝස්තු මස 20 වැනිදා තෙක් වසා දමන ලෙසට එම වෙළද සංගමයෙන් ඉල්ලීමක් කරන බව හොරන නගර සභාවේ සභාපති වී. පියසෝම මහතා පැවසීය.

(නිමන්ති රණසිංහ, අජිත්ලාල් ශාන්ත උදය, දාපනේ - ජයන්ත නානායක්කාර, අයගම - ඩබ්ලිව් පී විජේතුංග, බිබිල - කේසර ගුණතිලක, ඇල්ල - ප්‍රසාද් රුක්මල්, රක්වාන - ඩබ්ලිව් ඒ. සිරිසේන, වැල්ලවාය - අයි. ආර්. ඉන්දික, නොච්චියාගම - ජී. ඒ. පී. කුමාර, වැලිමඩ - කේ. ආර්. රාජමන්ත්‍රී, රුවන්වැල්ල - විමලරත්න සමරක්කොඩි, ත්‍රිකුණාමලය - අමරදෝරු අමරජීව, සියඹලාන්ඩුව සරත් ඩී. අධිකාරී, මොණරාගල අතිරේක කේ. එම්. පී. බණ්ඩාර, ඇල්පිටිය - චන්ද්‍රසිරි ගුණසේකර සහ නෙළුව පී. ජයවික්‍රම, රාජාංගනය - නුවන් කුමාර, රිකිල්ලගස්කඩ ටී. ඇම්. සෝමපාල, කරාපිටිය - ජී’. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා, නෝර්වුඩ් - රංජිත් රාජපක්ෂ, මහඔය - සඳරු බණ්ඩාර)

(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල


(නිපුන් ගරුක)

ගනේමුල්ල


(අජිත්ලාල් ශාන්ත උදය සහ ජයන්ත නානායක්කාර)

ඇඹිලිපිටිය


(අමරදෝරු අමරජීව)

ත්‍රිකුණාමලය