(යොහාන් භාසුර)
තැපැල් දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන තැපැල් සහ උප තැපැල් කාර්යාල 500 ක් පමණ කොවිඩ් අවදානම හේතුවෙන් සම්පූර්ණයෙන් වසා ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.
තැපැල් දෙපාර්තමේන්තුව යටතේ තැපැල් සහ උප තැපැල් කාර්යාල 4000 ක් පමණ ක්‍රියාත්මක වන බව කී තැපැල්පති රංජිත් ආරියරත්න මහතා තැපැල් කාර්යාවලින් සියටය 13 ක් පමණ වසා තැබීමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව සඳහන් කළේය.
අසීරුතා මධ්‍යයේ වුවද රජයේ කාර්යාලවල ලිපි බෙදාහැරීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් සාමාන්‍ය තැපැල් සේවය ආරම්භ කළ හැකි දිනයක් දැනට ප්‍රකාශ කළ නොහැකි බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා කීය.

